මම සංගීතයට කැමැතියි – කිල්මිෂා උදයශීලන්

235

දකුණු ඉන්දීය රූපවාහිනී මාධ්‍යයේ ළමා සංගීත වැඩ සටහනක ප්‍රථම ස්ථානයට මුලින්ම පත්වීමේ වාසනාව යාපනයේ කිල්මිෂා උදයශීලන් නැමති දැරියට හිමි වී තිබේ.

දකුණු ඉන්දියාවේ එක් රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ “සරිගමප” නමැති වැඩසටහනට ගීත ගායනා කරමින් ඇය පළමු ස්ථානය දිනා ගනිමින් සංගීත ලොවේ කිරුළු පැළදීමට සමත් වූවාය. මෙම වැඩසටහන දකුණු ඉන්දියාවේ එම රූපවාහිනිය විසින් පවත්වා ගෙන ගිය රියැලිටි ගණයේ වැඩ සටහනකි. කිල්මිෂා දැරිය වැඩසටහන අතරතුරදී මෙසේ පැවසුවාය.

මම සංගීතයට කැමැතියි - කිල්මිෂා උදයශීලන්

“මම සංගීතයට ඉතාම කැමැතියි. යාපනයේ පදිංචි මම 08 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මම අවුරුදු තුනේ ඉඳලාම සංගීත පන්තිවලට සහභාගි වෙනවා. මගේ තාත්තා තමයි හැම සංගීත පන්තියකටම මාව යොමුකළේ. මගේ මුල්ම සංගීත ගුරුවරිය කමලෝජිනි මිස්. අම්මා වුන්නි, අප්පා වුන්නි කියන මව්පිය ගුණ ගීතය තමයි මම මුලින්ම ගායනා කළේ. ගමේ සරස්වතී කෝවිලේ තිබෙන බැති ගී ගායනා වෙනුවෙන් මම සහභාගි වෙනවා. මම යාපනයේ තිබෙන සාරංගා කියන ගීත කණ්ඩායමෙත් ගායිකාවක් විදිහට ඉන්නවා.

යාපනයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වුණු වෙලාවේ තමයි මට Zee Tamil ටීවී එකේ ‘සරිගමප’ සංගීත තරගයට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණේ. ඒ සංගීත ප්‍රසංගය බලන්න Zee Tamil ටීවී එකේ ඇන්කර් අර්ජනා මැඩම්, රූපවාහිනී නාලිකාවේ සරිගමප වැඩසටහනේ අධ්‍යක්ෂතුමා වගේම තවත් කලාකරුවන් ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ වෙලාවේ මම වේදිකාවේ ගීත ගායනා කළා. ඒක දැකලා මගේ ගීත ගායනය අවසන් වුණාට පස්සේ අර්ජනා මැඩම් එක්ක සරිගමපා වැඩසටහනේ අධ්‍යක්ෂතුමා ඇවිල්ලා කිව්වා Zee Tamil වැඩසටහනේ සින්දු කියන්න එන්න කියලා. ඒක මගේ ජීවිතයට අමතක කරන්න බැහැ. මේ අවස්ථාව මට අදහාගන්නවත් බැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment