වීසා නැතිව ශ්‍රී ලංකාවට එන්න රටවල් 07කට අවසර

915

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමි වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම සහනය ලබාදෙන බවද සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment