පාසල් සිසුන්ට අලෙවි කිරීමට ගෙනා තූල් කිලෝ 2ක් සමග ලී බඩු මුදලාලි යුක්තියේ මෙහෙයුමට කොටු වෙයි

359

හොරොව්පොතාන නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානමින් තිබූ තූල් නැමැති මත්කුඩු කිලෝ 2යි මිලිග්‍රෑම් 100 ක් සමග පනස් හැවිරිදි සැකකරුවෙකු හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු හොරොව්පොතාන නගරයේ ලී බඩු වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර ඔහු හොරොව්පොතාන ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. පසුගිය 23දා පොලිසියට ලද තොරතුරක් මත හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.එන්.අයි. දයානන්ද මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෙම ලී බඩු වෙළඳසැල පරීක්ෂාවට ලක් කර ඇත. ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්කුඩු අසුරන ලද පැකට් 80 සොයා ගැනීමට පොලිස් කණ්ඩායම එහිදී සමත්ව ඇත.

මෙම සැකකරු මත්කුඩු පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් එක් පැකට්ටුවක් රුපියල් 500ක මිලකට පාසල් සිසුන්ට අලෙවි කරන බවත් කලක පටන් මෙම සැකකරු විසින් පාසල් සිසුන්ට මෙම මත්කුඩු අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

සැකකරු හොරොව්පොතාන පොලිස් අත්අඩංගුවේ පසුවන අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සිදුකරනු ලැබේ. මෙම වැටලීම කැබිතිගොල්ලෑව දිස්ත්‍රික්භාර සහකාර පොලිස් අධිකාරී එස්.පි එදිරිසිංහ මහතාගේ උපදෙස් මත හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් 59525 නිමල් සිරිසේන, 47792 පියතිලක, 59958 නිශ්ශංක, 59263 විජයබණ්ඩාර, 60239 දිනේශ්, 9650 හේරත්, 42352 ගුණවර්ධන, 1049 අරම්පොළ, 90975 රිහානූල් යන පොලිස් නිලධාරීහු සිදු කරති

මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment