තෙල් තිබුණත් අලෙවිය අඩුයි – රෑ 9ට – 10ට ෂෙඩ් වැසෙයි

1014

ඉන්ධන හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත් විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන තත්ත්වයක් පවතින බව ද ඒ මහතා කීය.

වෙනත් වර්ෂවලදී උත්සව සමය තුළ ඉන්ධන හල් අලුයම 1.00 හෝ 2.00 දක්වා විවෘත තබා ගෙන සිටියත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සේවක වැටුප්, අතිකාල ගෙවීම වැනි කටයුතු සඳහා වැඩිපුර ගෙවීම සිදු කිරීමට අපොහොසත් වීම නිසා ඉන්ධන හල් හිමියන් එසේ සිදුකරන බව ද ඔහු කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment