පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ඇතුළු පිරිසට ඇප

103

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනා ඇපමුදා හැරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත. ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම ඔවුන්ට අධි ආරක්ෂිත කලාප වලට ඇතුළත් නොවන ලෙසත් අධිකරණය විසින් ලබාදෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment