මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති සභාපති වේ

112

මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ 2022 වර්ෂය සඳහා පැවති අය වැය දෙවතාවක් පරාජයත් වීමත් සමග සභාවේ හිටපු සභාපති ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හේරත් සේනාරත්න මහතා ඉවත් කිරීමට පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පසුගියදා කටයුතු කළේය.

ඒ අනුව පුරා සති දෙකක කාලයක් සභාවේ උප සභාපති චානක විජේසූරිය මහතා වැඩ බලන සභාපති ලෙස එම සභාවේ වැඩ කටයුතු කරනු ලැබීය.

පුරප්පාඩුව පැවත සභාපති නැවත පත් කිරීමේ විශේෂ සභාවක් අද (14* දින මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී උතුරුමැද පළාත් පාලන කොමසාරිස් ආර්.එම්. නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ඒ මහතා සභාපති වරයා ලෙස වැඩ භාර ගැනීමද අද දින සභාවේ ලේකම් චන්දිමා සේමසිංහල උප සභාපති චානක පුෂ්පකුමාර මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රි වරුන්ගේ ආශ්‍රීර්වාදයෙන් සිදු කිරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment