පේරාදෙණියේ සම සෞඛ්‍ය සිසුන්ට වට්ස්ඇප් ඔස්සේ නවක වධය දීලා

237

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ නවක වධය ලබාදීමට කටයුතු කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විනයාරක්ෂක නිලධාරියා විසින් ලබාදුන් දුරකථන අංකය ඔස්සේ මේ වන විට පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක නිලධාරියා වෙත නවක සිසුවකු විසින් කරන ලද පැමිණිල්ලකින් පසු ඒ මහතා අදාළ සිදුවීම පිළිබඳව පොලිසියට පෙරේදා (05දා) දැනුම් දී තිබේ.

නවක සිසුන්ගේ දුරකථන අංක සම්බන්ධ කර ගනිමින් වට්ස්ඇප් සමූහයක් ගොඩනඟා එයට අසභ්‍ය වෙබ් අඩවිවල ලිපිනයන් යොමුකර ඒවා නරඹා ප්‍රතිචාර දක්වන ලෙස නවක සිසුන්ට බලපෑම් කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

විශ්වවිද්‍යාල සිසුන්ට නිර්ණාමිකව අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා තිබෙන බවත් එම පැමිණිලි ද්වාරයට සිසුවකු විසින් සාක්කි සහිතව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරිවරයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment