මියගිය හදුන් දිවියාගේ සිරුර අතුරුදන්

342


කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලිහිණියාව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි හඳුන් දිවියෙකු මාර්ගයේ ධාවනය වූ වාහනයක ගැටී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. එසේ මියගිය දිවියාගේ සිරුර අනතුර සිදුවූ ස්ථානයේ මද වේලාවක් තිබී ඇති අතර පසුව සිරුර අනතුර සිදුවූ ස්ථානයෙන් අතුරුදහන් වී තිබේ. ඉකුත් 20 වැනිදා සවස් කාලයේදී මෙම හදුන් දිවියා මියගොස් තිබුණි. සත්වයාගේ සිරුර කිසියම් අයෙකු රැගෙන ගොස් ඇති බවට ප්‍රදේශ වාසීන් සැකකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment