ජනපතිවරණයට රනිල් ඕනෑ- ගාල්ලෙන් ඒකමතික යෝජනාවක්

69

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයේදී ඒකමතිකව පෙරේදා (13 දා) සම්මත විය.

එක්සත් ජාතික පක්‍ෂය 2024 වර්ෂය සඳහා සිය පක්‍ෂ කටයුතු ගාල්ල දිස්ත්‍රික්කය මූලිකව ආරම්භ කළ අතර එහිදී නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන චන්‍ද්‍ර සහබන්දු මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව ගාල්ල මහ නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක ජිලිත් නිශාන්ත මහතා ස්ථිර කළේය.

එක්සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කළ යෝජනාවට පැමිණ සිටි සියලුම දෙනා අත් ඔසවා අනුමැතිය පළ කළහ.
චමින්ද සිල්වා, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි සහ හිනිදුම – රවීන්‍ද්‍ර චන්‍ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment