නීතිපති අද උසාවියට කරුණු දක්වනවා – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

182

රුසියානු ්ැරදකෙදඑ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ රඳවාගෙන සිටීමේ සිද්ධියට ශ්‍රී ලංකා රජයේ සම්බන්ධයක් නොමැති බවත්, එය සමාගම් දෙකක් අතර ගිවිසුම් කඩවීම නිසා ඇතිවූ ගැටලුවකට අධිකරණය ලබාදුන් තීන්දුවක් අනුව සිදුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (05දා) පැවැසීය.

මෙම ගැටලුව ආර්ථිකයට, සංචාරක ව්‍යාපාරය ඇතුළු කරුණු කිහිපයකට බලපාන නිසා නීතිපතිවරයා විසින් අද (06දා) ගුවන් යානය පියාසර කිරීම අත්හිටුවා ඇති කොළඹ වාණිජ අධිකරණයට කරුණු දක්වා ගැටලුව සමථයකට පත්කර ගැනීමට කටයුතු කරන බව වරාය අමාත්‍යාංශයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

කොළඹ වාණිජ මහාධිකරණයට අයර්ලන්ත සමාගමක් විසින් 120/2022/ඵඍ කියන නඩු අංකය යටතේ රුසියානු සෙලෙස්ටර් එයාර් ෆ්ලොට් සමාගමට එරෙහිව නඩුවක්

ගොනුකර තිබෙනවා. එහිදී පළමු විත්තිකරු ලෙස ්ැරදකෙදඑ මොස්කව් සමාගමත්, දෙවැනි විත්තිකරු ලෙස ගුවන්තොටුපළ සමාගමේ ගුවන් ගමන් පාලක එම්. සී. අබේගුණවර්ධන මහතාත් නම්කර තිබෙනවා. ඒ නිසා මේ රජයට සම්බන්ධ දෙයක් නොවෙයි. සමාගම් දෙකක් අතර ගිවිසුම් කඩකිරීම් සම්බන්ධ වූ ගැටලුවක්. ගුවන් යානය අයර්ලන්ත ගුවන්

සමාගමකට අයත් බවත් එය කුලී පදනම මත රුසියානු සමාගමට ලබාදී ඇති නමුත් වාර්ෂික බදු මුදල් නොගෙවීම නිසා එම ගුවන් යානය අත්අඩංගුවට ගෙන මුදල් අයකරදෙන ලෙසත් අයර්ලන්ත සමාගම අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව වාණිජ මහාධිකරණයේ විනිශ්චකාරවරයා විසින් පසුගිය 02 දා තීන්දුවක් ලබාදෙමින් ගුවන් යානය පියාසර කිරීමට නොහැකි තහනමක් පනවලා තියෙනවා. එම නියෝගය දුරකථන මාර්ගයෙන් ගුවන් ගමන් පාලකවරයා දැනුවත් කරන ලෙස විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා. ඒ අනුව රෙජිස්ට්‍රාර්වරයා ගුවන් ගමන් පාලකවරයා දැනුවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි නීති උපදෙස් ලබාගෙන පසුදින (03දා) ගුවන් යානය නවතා තබා ගැනීමට ගුවන් ගමන් පාලකට නොහැකි බවත් එය සිවිල් ගුවන් සේවා අධිකාරිය සතු දෙයක් බවත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු විනිසුරුවරයා විසින් ගුවන් ගමන් පාලකවරයාට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

මේ සමගම ගුවන් යානය රැගෙන යා හැකි බව අපි ්ැරදකෙදඑ සමාගමටත්, මෙරට රුසියානු තානාපති කාර්යාලයටත් දැනුම් දුන්නා. නමුත් ඔවුන් එයට ඉදිරිපත් වූයේ නැහැ. එයට හේතුව අධිකරණය විසින් ඔවුන්ට එරෙහිව තහනමක් පනවා තිබීම වෙන්න පුළුවන්.

අධිකරණයකින් තීන්දුවක් දුන්නාම එයට එකඟවිය යුතුයි. ඉන් පසුවයි එය නිවැරදි කරගන්න කටයුතු කළ යුත්තේ. මේ ගුවන් යානයේ මගීන් 191 ක් පිටත්ව යෑමට නියමිතව සිටියා. ඔවුන් අපහසුතාවයට පත්වුණා. එයට සහන ලබාදෙමින් ඉදිරියේදී මෙරට ආර්ථිකයට, සංචාරක ව්‍යාපාරයට ඇතිවන තත්ත්වය තේරුම්ගෙන මෙම ගැටලුව අද වාණිජ අධිකරණයේදී සමථයකට පත්කරගැනීමට කටයුතු කරනවා.

චමින්ද සිල්වා,  ඡායාරූපය – නිමල් දයාරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment