ජනප්‍රිය ගීත 7ක් ගැයීමට සේනක බටගොඩට උසාවියෙන් තහනමක්

126

තනු නිර්මාණය, සංගීත සංකල්පය හා ඒකාබද්ධ ගීත රචනය කළ ශිල්පියාට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු ගාස්තු නොගෙවූ ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත හතක් ගායනය කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (02දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළුයට ගිනි, රස්තා, හීනවලට පණක් තිබෙනවා, හොඳම දේ සහ සැනසෙන්නම් මා යන ගීත හත එලෙස ගායනා කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කෙරිණි.

එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය සිදු කළ ජගත් කුලතිලක මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී නීතිඥ තිළිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් පරිදි පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා ලබන 16 වැනිදා එම නඩුව යළි කැඳවීමට දින නියම කරමින් එම වාරණය පැනවීය.

පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත හත වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමද වළක්වමින් විනිසුරුවරයා එම වාරණය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment