කැනඩා මහ කොමසාරිස් උතුරේ රහස් සාකච්ඡාවල

177

මෙරට කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ස් මහතා යාපනයට ගොස් විශ්වවිiාල සිසුන් සහ දේශපාලනඥයකු වූ එමානුවෙල් ආර්නෝල්ඩ් මුණගැසී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වූ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකා රජයේ විරෝධය පළවී ඇති අවස්ථාවක මෙම රහස් සාකච්ඡාව සිදුවී තිබීම විශේෂත්වයකි.

කැනඩා මහකොමසාරිස්වරයාගේ මෙම ක්‍රියාකලාපය තානාපතිවරුන් සඳහා වූ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව පවසන උතුරේ ආරංචිමාර්ග කැනඩා මහකොමසාරිස්වරයා 13 වැනි සංශෝධනය ගැන ඔවුන්ගෙන් කරුණු විමසා ඇති බව ද කියා සිටී.

මේ අතර මෙරට හමුදා නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට සම්බාධක පනවන ලෙස කැනඩා විපක්‍ෂ නායක පියසර් සොලිටේලේ, කැනඩා රජයෙන් ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment