ඡන්දයක් තියයි ද කියා විශ්වාසයක් නෑ – මල්වතු මහනාහිමියෝ කියති

442

මේ පවතින තත්ත්වය මත ඉදිරියේදී මැතිවරණයක් පවත්වනු ඇතිද යන්න විශ්වාසයක් නැති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන් වහන්සේ පැවසූහ.

රටේ ආර්ථිකය මෙපමණ කඩා වැටී තිබියදී මහ බැංකු සේවකයන්ගේ පමණක් වැටුප ඉහළ දමා තිබීම ද මේ මොහොතේ සුදුසු නොවන කරුණක් බව ද උන්වහන්සේ අවධාරණය කළේය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පෙබරවාරි විසිහර වැනිදා මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමට ඊයේ (22දා) සමගි ජන බලවේගයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණි අවස්ථාවේදී මල්වතු මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේ එසේ පැවසූහ.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ අද වනවිට රටේ ජනාධිපතිවරයා හෝ රජය හෝ දේශපාලනඥයින් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එය ඉතාම භයානක තත්ත්වයක් යැයිද ඇය කියා සිටියාය.

කන්ද උඩරට කාන්තාව පදනම් කර ගනිමින් මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතාට හැකි බවත් එය සුවිශේෂී අවස්ථාවක් සේ සැලකිය හැකි බවත් ඇය කියා සිටියාය. මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවන් දස දහසක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව ද ඇය කියා සිටියාය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment