එමිල් කාන්දන් සහ ශන්මුගරාජා බ්ලැක්ලිස්ට් ලේබලයෙන් ගලවයි

118

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි එමිල් ලක්ෂ්මන් කාන්දන් හෙවත් රමේෂ් හා මුරුගේසු ශ්‍රී ශන්මුගරාජා යන දෙදෙනා එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පෙරේදා (24 දා) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් නිකුත් කරනු ලැබීය.

වවුනියාව හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනා ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතු කරගෙන 2014 පෙබරවාරි මස 25 වැනිදා අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබීය.

එමිල් කාන්දන් නමැත්තා සම්බන්ධව ඉකුත් 2010 ජූලි මස 27 වැනිදා අන්තර්ජාතික පොලිසිය රතු නිවේදන නිකුත් කර තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment