හෝල් සමතලා වෙයි චිත්‍රපට කඳුළු සලයි

492

චිත‍්‍රපටි ප‍්‍රදර්ශන ශාලා කඩා දමා එම ගොඩනැගිලි වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාව හේතුවෙන් ඉදිරියේදී සිංහල චිත‍්‍රපටි කර්මාන්තය බිංදුවට වැටීමේ අවදානමක් මතුව ඇතැයි චිත‍්‍රපට නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු චෝදනා කරති.

‘කොවිඞ්- 19’ වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ප‍්‍රදර්ශන ශාලාවලට රජය පොරොන්දු වූ සහන නොලැබීමත් ආර්ථික අතින් ඉහළ වටිනාකමක් සහිත ඉඩම්වල පවතින චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලා ඉවත් කර එම ඉඩකඩ වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා යොමු කිරීම වඩාත් ලාභදායි වීම මෙම තත්ත්වය උග‍්‍ර අතට පත්වීමට හේතුවක්ව තිබෙන බව චිත‍්‍රපට ප‍්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැුකව මහතා කීවේය. හැත්තෑව දශකය අවසාන වෙද්දී අපට සිනමා ශාලා 400කට වඩා තිබ්බා. අද වෙනකොට සිංහල චිත‍්‍රපටි පෙන්වන්න එයින් ඉතිරිවෙලා තියෙන්නේ ෆිල්ම් හෝල් 32 ක් විතරයි. ‘මිනි හෝල්’ තිබ්බට ඒවයින් වැඩක් වෙන්නේ නෑ. ඉංග‍්‍රීසි දමිළ චිත‍්‍රපටි පෙන්වන හෝල් සිංහල චිත‍්‍රපටි ගන්නේ නෑ. කොවිඞ්වලින් පස්සේ මේ කඩා වැටීම තවත් දරුණු වුණා.’’ යැයි මේ පිළිබඳ අදහස් දක්වන චිත‍්‍රපට අධ්‍යක්ෂ ඩොනල් ජයන්ත පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් චිත‍්‍රපට නිර්මාණය කළ ද එහි වියදම පියවා ගැනීමට තරම් ආදායමක් ලබා ගැනීමට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර ගත නොහැකි තත්ත්වයකට සිංහල චිත‍්‍රපටි ක්ෂේත‍්‍රය කඩා වැටීමේ අවදානමක් තිබෙන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

 තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment