වීසා කාලය ඉක්මවන විදේශිකයන්ගේ අතිවාස කාල දඩය අඩු කරයි

89

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විශ්‍රාමික පනත යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගවලට මහජන ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මහජන ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදෙන ලදි.

ඒ අනුව මෙම නියෝග හරහා වීසා කාලසීමාව දීර්ඝ කර ගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 7 ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සඳහා දඩ මුදල් අය නොකිරීමටත්, අතිවාස කාලසීමාව දින 7 කට වැඩි සහ දින 14 ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොරල් 250 ක දඩ මුදලක් අය කිරීමටත් හා අතිවාස කාලසීමාව දින 14 කට වැඩි කාලසීමාවක් වන විට ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමටත් ප්‍රතිපාදන සකස් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment