යූරියා නැව එයි

89

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් දොළොස්දහස් පන්සියයක් රැගත් පළමු නෞකාව පෙරේදා (26දා) රාත්‍රී කොළඹ වරායට පැමිණ ඇත.

මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව මෙම යූරියා පොහොර තොගය ගෙන්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ වරායට පැමිණි එම පොහොර නැව නිරීක්‍ෂණය සඳහා අද (28දා) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

මහ කන්නයට අවශ්‍ය කරන පොහොර මෙටි්‍රක් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් රැගෙන දෙවැනි නැව ලබන නොවැම්බර් මස අවසානයේ පැමිණීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 110 ක මුදලක් ණය වශයෙන් ලබාදී තිබේ. .

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment