ඕල්කට්තුමාගේ 117 වන ගුණ සමරුව

39

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්‍රීමතාණන්ගේ 117 වැනි ගුණ සමරුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි එම පිළිරුව අසලදී 16 වැනිදා සවස පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගි වූ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති එස්. පී. වීරසේකර යන මහත්වරුන් විසින් ඕල්කට් ශ්‍රීමතාණන්ගේ පිළිරුවට මල්මාලා දමමින් පුෂ්පෝපහාර දැක්වූහ. මීට අමතරව සමිතියේ සියලු සාමාජිකයන් පිළිරුව අභියස මල් කළඹ තබමින් පුෂ්පෝපහාර දක්වනු ලැබූහ. මෙම අවස්ථාවට සමිතියේ උප සභාපති සුමනා පෙරේරා, උප භාණ්ඩාගාරික දමිත් ප්‍රියන්ත විතානගේ, කාරක සභික කුමාරි පෙරේරා, ගිණුම් සහකාර ලොරේන් හට්න්, සමිතියේ හිටපු ප්‍රධාන ලේකම් සිනේන්ද්‍ර සේනාරත්න, කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ඕල්කට්තුමාගේ 117 වන ගුණ සමරුව

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment