වවුනියාවේ ඉන්ධන පෝළිමේ ගැටුමේදී කඩු පහරදීමෙන් පස්දෙනකුට තුවාල

64

වවුනියාව ආණ්ඩියාපුලියන්කුලම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකදී එක් අයකු කඩුවකින් පෝළිමේ සිටි පිරිසක් කපා දැමීම නිසා පස්දෙනකු තුවාල ලබා 19දා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට තිබේ.

තුවාලකරුවන් පස්දෙනාගෙන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර අනෙක් තිදෙනා සුළු තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වවුනියාව පොලිසිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉන්ධන පිරවුම් හලේ පෝළිමේ සිටි පිරිසක් අතර මුලින්ම ආරවුලක් ඇති වී එක් තරුණයකු විසින් තවත් තරුණයන් දෙදෙනෙකුට පහර දී තිබේ. පහර කෑමට ලක් වූ තරුණයන් දෙදෙනා පෝළිමෙන් ඉවත් වී නිවසට ගොස් ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සමග පැමිණ මුලින්ම පහර දුන් පිරිසට කඩු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තිදෙනෙකු තුවාල ලබා ඇත.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment