රාසා සිම්බාබ්බේ වාර්තා අලුත් කරයි

374

එක්දින ජාත්‍යන්තර තරගයකදී සිම්බාබ්බේ කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම ශතකය වාර්තා කිරීමට සිකන්දර් රාසා සමත් වූයේය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග යටතේ පෙරේදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 54 කදී ලකුණු 102 ක් වාර්තා කරමින් රාසා එම දක්ෂතාවය දැක්වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 70 කදී ශතකයක් වාර්තා කළ ෂෝන් විලියම්ස් ය.

සිම්බාබ්වේ ඉනිමේ 36 වැනි පන්දුවාරය නිමා වන විට තරගය ජයග්‍රහණය කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට තවත් ලකුණු 60ක් ලබා ගත යුතු ව තිබූ අතර රාසා ඒ වනවිට පන්දු 35ක් තුළ ලකුණු 47ක් ලබාගෙන තිබුණි.

එතැන් පටන් තවත් පන්දු 19ක් තුළ රාසා ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර එම වේගවත් ඉනිම ට හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. නෙදර්ලන්තයට එරෙහිව එම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ අතර පන්දු යැවීමෙන්ද කඩුලු 4ක් දවා ගැනීමට රාසා සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment