වීසා නැති චීන කත පොලිස් නිලධාරීන්ට උදැල්ලකින් පහර දීලා

102

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතික කාන්තාවක සම්බන්ධයෙන් ලැබී තිබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සහ කාන්තා නිලධාරිනියන් දෙදෙනකුට උදැල්ලකින් පහර දුන් එම චීන ජාතික කාන්තාව ඊයේ (20) බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මංගල මාවතේ පදිංචිව සිටි 36 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. වලංගු වීසා බලපත් නොමැතිව චීන කාන්තාවක බේරුවල මංගල පාරේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කාන්තා නිලධාරිනියන් දෙදෙනකු එහි ගොස් ඇති අතර එහිදී චීන කත එක්වරම නිවසේ තිබූ උදැල්ලක් රැගෙන කලහකාරී අන්දමින් හැසිරී ඇති බව පොලිසිය කියයි.

ඇය පාලනය කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන් සුළු ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, ඔවුන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇය පාලනය කර අත්අඩංගුවට ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර ඇති බවත් සැකකාර චීන කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

බේරුවල පොලිස් ස්ථානාධිපති (වැ.බ.) ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment