උතුරේ ඉඩම් රැසක් කොටි හිතවාදීන් අතේ

556

උතුරේ ඉඩම් හිමි ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් කැනඩාව, ජර්මනිය, බි්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශය යන රටවල ජීවත්වන අතර, එම ඉඩම් කොටි හිතවාදීන් විසින් අල්ලාගෙන ඇතැයි අනාවරණය වේ. ද්‍රවිඩ පොලිස් නිලධාරියකුට හිමි යාපනයේ ඉඩමක් ද ව්‍යාජ ලියවිලි මත කොටි හිතවාදියකු විසින් තමන්සතු කරගෙන ඇත. මේ හැර රජය සතු ඉඩම් රැසක් කොටි මහාවිරු පවුල් තමන්සතු කරගෙන ඇති අතර එම ඉඩම්වල ඔප්පු ගැන මෙතෙක් විමර්ශනයක් සිදුවී නැත.

පසුගිය දිනෙක නෝර්වේ සිට පැමිණි ද්‍රවිඩ ජාතිකයකු පැවසුවේ වලිකාමන් ප්‍රදේශයේ පිහිටි තම පියා සතු ඉඩමක කොටි හිතවාදී පවුලක් සිටින බවයි.

උතුරේ ඉඩම් කච්චේරිවල තිබූ ඔප්පු විශාල සංඛ්‍යාවක් කොටි සංවිධානය විසින් වනසා ඇති අතර විශාල පිරිසක් අනවසර පදිංචිකරුවන් බව හෙළිවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment