Driveline වෙතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් රථ රක්ෂණ හිමියන්ට විශේෂ වරප්‍රසාද

138

තම වටිනා පාරිභෝගිකයන්ට අමතර ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන් දේශයේ ප්‍රමුඛතම මෝටර් රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, Driveline ආයතනය සමග උපාය මාර්ගික සහයෝගීතාවයකට එළැඹීම පසුගියදා සිදු විය.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා Driveline ආයතනය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ අවිනාශ් චන්ද්‍රමෝහන් මහතා, මෙහෙයුම් ප්‍රධානි ශාන් කාඕ මහතා සහභාගී වුන අතර, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල් අලු‍ත්ගම මහතා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී- අලෙවි සහ බෙදාහැරීම් -ජීවිත රක්ෂණ නාමලී ඒ සිල්වා මිය සහ සහකාර සාමාන්‍යාධිකාරී-අලෙවි -සාමාන්‍ය රක්ෂණ මහේෂ් ගමගේ මහතා සහභාගී විය.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Motor Plus පූර්ණ මෝටර් රථ රක්ෂණ හිමියන්ට Driveline වෙතින් ආකර්ෂණීය වට්ටම් හා වරප්‍රසාද ගණනාවක් ලබා ගත හැකි අතර, දිවයිනේ ඕනෑම Driveline ශාඛාවකින් අදාළ සේවාවන් හා වට්ටම් ලබා ගත හැකිය. මේ අතර, Interior & Exterior Detailing සඳහා 25% ක වට්ටමක්, හයිබි්‍රඩ් හා හයිබි්‍රඩ් නොවන වාහන ත්‍මකක Service සඳහා 20% ක වට්ටමක් ද, Wheel Alignment සඳහා 20% ක වට්ටමක් සහ Electric Vehicle සඳහා 20% ක දීමනාවක් ද ඇතුලත් ය. තවද, විශේෂිත සේවාවක් ලෙස 90 Points Visual Inspection සේවාවද පිරිනමනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment