රැෆෙලාගේ RFCCක්‍ – 2022 කැලැන්ඩරය කල එළි බසී

241

පසුගිය 8 වැනිදා සන්ධ්‍යාව තරුපිරි සන්ධ්‍යාවක් විය. කොළඹ කිංස්බරි හෝටල් පරිශ‍්‍රයට එක් සුවිශේෂී කාරණයක් උදෙසා කලා ලොව බබළන තරු එක් රොක් වූහ. ඒ ලංකාවේ ජනප‍්‍රිය තරු කැලැන්ඩරයේ එළිදැක්වීම උදෙසා ය. මේ සඳහා පුරෝගාමීත්වය දැරුවේ රුෆෙල්ලා ප‍්‍රනාන්දු ය. ඇය මෝස්තර නිර්මාණ ශිල්පිණියකි. ඡුායාරූප ශිල්පිණියකි. නිරන්තරයෙන් දකින කලාකරුවන්ගේ රුව හාත්පසින්ම වෙනස් කර වෙනස්ම සංකල්පයක් ඔස්සේ රූගත කිරීම් සිදු කරන ඇය මේ කැලැන්ඩරයට Raffealla fernando celebrity calender ලෙස නම් තබා ඇත. අද දවසේ අපේ කථානායිකාව ඇය යි.

* රැෆෙලාගේ RFCC ක්‍ – 2022 කැලැන්ඩරය මෙවරද එළිදැක්වූවානේ ද?

RFCC ක්‍ – 2022 කියන්නේ රැෆෙල්ලා ප‍්‍රනාන්දුගේ සෙල්බි‍්‍රටි කැලැන්ඩරයේ දහ වැනි අවුරුද්ද. ලංකාවේ අවුරුදු දහයක් වෙනකම් ක්ලැන්ඩරයක් අරගෙන ආපු පළමු වැනි අවස්ථාව. මෙවර අපි කලාකරුවෝ 29ක් එක්ක ෂූට් 24ක් කළා.

* මෙවර කලාකරුවෝ වැඩි ප‍්‍රමාණයක් සහභාගි කරවා ගන්න හිතුවේ ඇයි?

මේ වෙනකොට මම කලාකරුවෝ 150ක් එක්ක වගේ වැඩ කරලා තියෙනවා. ඉතිං මගේ දහවැනි අවුරුද්ද වෙනකොට මගෙත් එක්ක මුල ඉඳලා හිටපු කලාකරුවෝ ගොඩක් ඉන්නවා. ඒක හින්දා මට ඕනෑ වුණා කැලැන්ඩරයේ මේ සැරේ අවුරුද්දේ ෂූට්වලට ගන්න. අනික අවුරුදු දහයක් කියන්නේ මාස 12කට සීමා කරන්න අමාරුයි. ඒකයි මෙතරම් ප‍්‍රමාණයක් කරන්න හිතුවේ.

රැෆෙලාගේ RFCCක්‍ - 2022 කැලැන්ඩරය කල එළි බසී


* දහවැනි සංවත්සරයේදී මෙවර ඇති කරපු වෙනස්කම් ගැන කතා කළොත්?

මම කැලැන්ඩරයේ මේ වෙනකම් ෂූට් නොකරපු කලාකරුවෝ කිහිපදෙනෙක් හිටියා. ඉතිං මම දකිනවා ඒක ලොකු විශේෂත්වයක් විදිහට. මොකද මම ඒ කලාකරුවන් සමග මීට කලින් වැඩ කරලා නැහැ. ඒ වගේම කැලැන්ඩරවලට පෙනී සිටින්නේ නැති කලාකරුවන් කිහිපදෙනෙක් ද හිටියා. තව ෆොටෝ ෂූට්වලටත් පෙනී සිටින්නේ නැති කලාකරුවන් කිහිපදෙනෙක් ද හිටියා. ඉතිං ගොඩදෙනෙක්ගේ කතාබහට ලක්වුණේ ඒකයි.

* මේ එළි දැක්වීමට සුවිශේෂී තේමාවක් එහෙම තියෙනවා ද?

ෂූට් 24ට සුවිශේෂී තේමාවක් යටතේ තමයි සිදු කරලා තියෙන්නේ. මොකද මම මාස්ටර් කරන්නෙත් කන්සෙප්ට් ලැයිසර් ෆොටෝ ග‍්‍රැෆි. හැම ෂූට් එකකට ම තේමාවක් සංකල්පයක් තියෙනවා. හැම කන්සෙප්ට් එකක් ඇතුළෙම අපි අමුතු අමුතු දේවල් කරන්න බැලූවා. අපේ කාලේ ෂූට් එක ගත්තහම ලංකාවේ පළමු වතාවට තමයි ඒරියල් කියන ෂූට් කන්සෙප්ට් එක කළේ. කොස්ටියුම්, මේකප්, ලොකේෂන් වගේ දේවල්වලින් අපිට අමුතු අමුතු දේවල් කරන්න පුළුවන් වුණා.

මේ හැමදෙයක් ඇතුළෙම අපි ලොකු වෙනසක් ඇති කළා. ගොඩක් දෙනෙක් ඒක ගැන කතාබහ කළා. එළි දැක්වීමත් ඉතා සාර්ථකව සිදු කළා.

* මේ ෂූට් 24 කරන්න කොතරම් කාලයක් ගියා ද?

ඇත්තට ම අපි මේ කතා කරන මොහොතේ් සිට 2023 කන්සෙප්ට්වලට වැඩ කරනවා. මොකද අපි හැම අවුරුද්දේම බලන්නේ එක අඩියක් ඉදිරියට තියලා මේක ඉදිරියට ගෙනියන්න. මේ අවුරුද්දේ අපි කන්සෙප්ට් ඔක්කොම ලෑස්ති කරලා තිබුණට ෂූට් ඔක්කොම වුණේ දවස් 15ක් වගේ කාලයක් ඇතුළත. මොකද මම ඒකට ඇත්තට ම ස්තුතිවන්ත වෙනවා කලාකරුවන්ට. මොකද මේ වැඬේට ඒගොල්ලො පුදුමාකාර ආදරයකින් සහයෝගය දක්වනවා. කලාකරුවන්ගෙත් සහයෝගයක් නැතිව මේ වැඬේ කරන්න බැහැ.

* ඇත්තට ම මේක කරන්නේ ආර්ථික ප‍්‍රයෝජනයක් බලාගෙන ද? නැතිනම් විකුණන්න බලාගෙන ද?

නැහැ. මම ඇත්තට ම කැලැන්ඩර් එක විකුණලා නැහැ. කලාකරුවොත් මේ වැඬේට මෙච්චර ආදරයෙන් එන්නේ මම මුදල් පැත්තෙන් බලාපොරොත්තුවක් නැතිව කතා කරන නිසයි. කැලැන්ඩරය කරන්නේ මගේ රස්සාවට නෙමෙයි. මම ෆොටෝග‍්‍රැෆර් කෙනෙක් විදිහට ඩිසයිනර් කෙනෙක් විදිහට. ලෙක්චර් කෙනෙක් විදිහට කාර්ය බහුලව වැඩ කරන කෙනෙක්. කලාකරුවොත් ඒක දන්නවා. මම මේක ආසාවට පටන් ගත්තු දෙයක් කලාකරුවොත් වෙනස්ම ස්වරූපයෙන් පෙන්වන්න තමයි මම වුවමනා. මම මේ කැලැන්ඩරය විකුණන්නේ නැහැ. ගොඩක් දෙනෙක් අහනවා මේ කැලැන්ඩය විකුණන්න තියෙනවා ද කියලා. තව අපිට ගන්න පුළුවන් ද කියලා. මේ අවුරුදු දහයට කවදාවත් මම ඒ වැඬේ කරලා නැහැ.

රැෆෙලාගේ RFCCක්‍ - 2022 කැලැන්ඩරය කල එළි බසී



* සිනමා නිර්මාණයේ වැඩ කටයුතු එහෙම කොහොම ද?

පිටපත හා නළු නිළියන් තෝරා ගැනීමේ වැඩ වගේ ම මුළු වැඩ කොටසින් සියයට හැටක් විතර ඉවරයි. ඒක වෙනස්ම විදිහේ කතාවක්. මේ අවුරුද්දේ එහි වැඩ අපිට කිසිම කරදරයක් නැතිව කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ වසර අග වෙන්න කලින් එළි දක්වන්න සූදානමින් ඉන්නේ.

* 2022 වසරේ රැෆෙල්ලා අධ්‍යක්‍ෂවරියක් එහෙම ද?

සූදානම තියෙනවා. හැබැයි කොවිඞ් සිටුවේෂන් එකත් එක්ක මොකක් වෙයි ද කියන්න දන්නේ නැහැ. ගිය අවුරුද්දේ මගේ පළමු වැනි ෆැෂන් ෆිල්ම් එක විතරක් ම කළා. ලබන මාසයේ ඒක එළි දක්වන්න තියෙනවා. ඒක ජාත්‍යන්තරයටත් යවන එකක්. ඒක මගේ පළමු අධ්‍යක්‍ෂණ ය. 2022 වසරේ අධ්‍යක්‍ෂණ කිහිපයක් එන්න තියෙනවා. මොකද මම වැඩ කිහිපයක්ම පටන්

අරගෙන තියෙන්නේ චිත‍්‍රපටයේ වැඩ කටයුතු මේ වසරේ අග භාගයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වසරේ මැද මුල සහ අග ඇතුළත මම කරපු තව අධ්‍යක්‍ෂණ කාර්යයන් කිහිපයක් එළියට එන්න තියෙනවා. මම මුලින්ම කරන අධ්‍යක්‍ෂණය හදිසියේ කරන්න කැමැති නැහැ. මොකද මම ලොකු වෙනස්කම් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මිනිස්සු කොහොම භාර ගනීවි ද කියන්න දන්නේ නැහැ.


 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment