අපරාධකරුවන් කොටුකරන්න පොලිසියට FBI  තාක්ෂණය

197

සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය :ත්‍ඊෂ* භාවිතයට ගන්නා පරිගණක මගින් මුහුණු හඳුනාගැනීමේ තාක්‍ෂණය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට හඳුන්වා දී ඇත.අපරාධ හෝ පොලිස් විමර්ශන සිද්ධිවලදී සැකකරුවන් හඳුනාගැනීමට ලෝකයේ භාවිතයට ගැනෙන නවීනතම තාක්‍ෂණය මෙය වන අතර මෙය හඳුන්වාදීමත් සමග එකම පුද්ගලයෙකු විවිධ නම් වලින් පෙනී සිටිනවාද ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් මුහුණ වෙනස් කර ඇතිද ඇතුළු ඕනෑම වෙනස් කමක් පරිගණකයට යොමු කළ සැණින් හඳුන්වා දීමට හැකියාව පවතී.

2017 වර්ෂයේදී මෙය රටට හඳුන්වාදීමට උත්සාහ දරා ඇතත් මෙය හඳුන්වාදීම සිදුකර ඇත්තේ 2021 දෙසැම්බර් මාසයේදීය. මේ වනවිට මේ සඳහා නිලධාරීන්ද පුහුණු කර සිටින නිසා රාජ්‍ය විරෝධී කැරලි උද්ඝෝෂණ අයුතු ජනරාශිවල සිටින ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් පිළිබඳව පරිගණක පද්ධතියට යොමුකරන සීසීටීවී හෝ ඡායාරූප මගින් හඳුනාගැනීමේ අවස්ථා උදාවේ.

යම් ස්ථානයකට ප්‍රභූවරයකු පැමිණීමේදී ඒ ආසන්නයේ සිටින පුද්ගලයන්ගේ ඡායාරූප මෙම පද්ධතියට ඇතුළත් කරනු ලැබුවහොත් යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු එම ස්ථානයේ සිටී නම් ඒ බව වහාම පරිගණක පද්ධතිය මගින් අරක්‍ෂක අංශ දැනුවත් කිරීමටද මෙම පද්ධතියට හැකියාව පවතී.අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රුවන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඒකකය එහි ස්ථානාධිපති ගීතන ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment