Screenshot

102

මෙවර අපගේ Screenshot වර්ණවත් වන්නේ ප්‍රකට පාරිසරික ගවේෂකයකු වන අතීක් නසීර් ගේ මුහුණු පොතෙනි. ඔහු තම මුහුණු පොතට එක් කර ඇති ඡායාරූප එකතුවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු අර්ධයේ ස්ථාන කිහිපයක දක්නට ලැබෙන සුවිශේෂී ගස් වර්ගයක් වන බයෝබැබ් නොහොත් බයෝබාබ් ගස් කිහිපයකි. අප්‍රිකානු කලාපය නිජබිම කරගත් මෙම ගස විද්‍යාත්මකව Adansonia digitata ලෙස හැඳින්වේ. සිංහලෙන් මේවාට අලි ගස් යැයිද කියනු ලබයි. පෘතුගීසි, ලංදේසි සමයන්හිදී බහුල ලෙස ලංකාවේ අභිජනනය කළා යැයි කියන අශ්වයන්, පෝනීන් හා බූරුවන් සඳහා ඖෂධයක් ලෙස එකල මෙම ශාකය ලංකාවට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන අතර තවමත් මෙයින් ගස් කිහිපයක් මෙසේ ඉතිරිව ඇත. මන්නාරම, ඩෙල්ෆ්ට්, කිලිනොච්චිය, එළුවන්කුලම-ගඟේවාඩිය වැනි ස්ථානවල මෙම ගස් දක්නට ඇත. සංචාරක ආකර්ෂණය දිනාගත් බයෝබාබ් පිළිබඳව අතීක් මෙසේ තම පිටුවෙන් කතා කරයි…

Screenshot
Screenshot
advertistmentadvertistment
advertistmentadvertistment