ග්‍රාම නිලධාරී විභාගය සමත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්‍ෂණ අද සිට තෙදිනක්

140

ග්‍රාම නිලධාරී බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත් සුදුසුකම් ලබා ඇති සියලු අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ නාරාහේන්පිට පිහිටි නිලමැඳුර පරිශ්‍රයේදී (ස්වදේශ කටයුතු අංශයේ) මාර්තු මස 13, 14 හා 15 යන දිනයන්හිදී පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටී. ඒ සඳහා කැඳවීම් ලිපි මේ වනවිටත් යොමු කර ඇති අතර සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් යම් අයකුට මේ වන තෙක් කැඳවීම් ලිපිය ලැබී නොමැති නම් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දින හා වේලාව පිළිබඳ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ www.moha.gov.lk පළ කර ඇති ලේඛනය මගින් දැන ගත හැක. එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳව ද එම වෙබ් අඩවිය මගින් තොරතුරු ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලත් 4232 ක් අතරින් ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2002 ක් සඳහා සුදුස්සන් තෝරාගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment