චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරලා – HQIට එරෙහිව විමර්ශන

509

කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුළ දරුවා දමා ගිය මව අත්අඩංගුවට ගත් අවස්ථාවේ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ක්‍රියාකළ ආකාරය පිළිබඳව ඔහුට එරෙහිව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. සැකකාර කාන්තාව අපහසුතාවයට පත්වන.. ආකාරයට කටයුතු කිරීම, ප්‍රශ්න කිරීම මෙන්ම ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව නොකිරීම පිළිබඳව වහාම පරීක්‍ෂණය ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂකවරයාට ඊයේ (12දා) නියෝග කර තිබේ.

මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් ආකාරය ටෙලි නාට්‍යයක දර්ශනයක් ලෙස රූගත කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment