මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම රජ දවසේ සිට පාලකයින්ගේ වගකීමක්

60

මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමි

ඓතිහාසික මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමේ වගකීම රජ දවසේ සිටම රටේ පාලකයින්ට සෙල්ලිපි මගින් භාරදී ඇති බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියෝ පැවසූහ.

රටේ ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන වත්මන් ආණ්ඩුවට එරෙහිව සිදු කළ ප්‍රකාශ හේතුවෙන් තමන්වහන්සේගෙන් පළිගන්නවා වෙනුවට ආඥාදායකයින් ලෙස කටයුතු කරමින් වත්මන් පාලකයින් විසින් මිහින්තලා පුදබිමේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතුවලින් යුද හමුදාව, නාවික හමුදාව හා සිවිල් ආරක්ෂක භටයින් ඉවත් කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ සඳහන් කළහ.

නා හිමියෝ මේ බව කියා සිටියේ 17දා සංරක්ෂණ කටයුතු අතරතුරදී යුද හමුදාව විසින් අතහැර ගිය සංරක්ෂණය හා සංවර්ධනය සිදුකරන ස්ථාන මෙන්ම මිහින්තලා පුදබිමේ අනෙකුත් ස්ථානද මිහින්තලා පුදබිමේ දායකයින් විසින් පිරිසිදු කරන ආකාරය සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. වත්මන් නායකයින්ගේ මෙම ක්‍රියා කලාපය මගින් සිදු කරනු ලැබුයේ තමන් වහන්සේගෙන් වෙනුවට මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයෙන් පළිගැනීමක්. රට පාලනයට භාරකාරයෙකු මිස අයිතිකාරයෙකු බලයට පත් කොට නොමැති බවත් මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමේ රජයේ වගකීම පිළිබඳව රජ දවසේ සෙල්ලිපි මගින්ද රජයන්ට පවරා ඇති බවද නාහිමිපාණන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ප්‍රභාත් වනසිංහ – නාච්චාදුව

advertistmentadvertistment
advertistmentadvertistment