වන අලි එලවන්න වසරකට කෝටි 280ක් වැය කරයි

135

වනඅලින් පළවා හැරීම සඳහා වසරකට අලි වෙඩිවලට රුපියල් කෝටි 280ක් වැය වන බව වන ජීවී දෙපාර්තමේන්තුව පවසයි. වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් එම ගම්මානවල ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි. වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි. මේ සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. මිනිස් – වන අලි ගැටුම සමතයකට පත් කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග තාවකාලික ක්‍රියාමාර්ග වන අතර ඒවායින් ස්ථිර විසදුමක් මෙතෙක් නොලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment