ඉන්ධන හිඟය ඉවරයි

491

රටේ ඇතැම් ප්‍රදේශවල තිබෙන සුළු ඉන්ධන හිඟය අද (27 වැනිදා) වනවිට පහව යනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

කොළඹ වරායට පැමිණ තිබූ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ඊයේ (26 වැනිදා) ආරම්භ කළ බවත් ඊට අමතරව ඔටෝ ඩීසල් නෞකාවක්, ඔක්ටේන් 92 පෙට්‍රල් නෞකාවක්ද 29 වැනිදා වනවිට මෙරටට පැමිණීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටී.

භූමිතෙල් හා ගුවන්යානා ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර තිබෙන අතර ඊට අමතරව මෙටි්‍රක් ටොන් 120,000 ක් අඩංගු දෙවන බොර තෙල් නෞකාව ද මෙරටට පැමිණි බවද ඇමැතිවරයා කියා තිබේ.

ඒ අනුව ලබන සතියේ සිට හිඟයක් නොමැතිව ූඍ ක්‍රමවේදයට ඉන්ධන ලබාදීමට හැකි වෙතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කර ඇත.

මීට අමතරව සංචාරක හා රථ වාහන නොවන අංශ වෙත විධිමත් ක්‍රමයක් හරහා ඉන්ධන ලබාදීමට අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකසමින් සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment