පිළිකා රෝගීන් චෙක් කරන්නේ පිටරට සත්තුන් බලන්නවත් ගන්නේ නැති උපකරණවලින් – විපක්‍ෂ නායක සජිත් චෝදනා කරයි

77

මෙරට පිළිකා රෝගීන් පරීක්ෂා කිරීම වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා උපකරණ පාවිච්චි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) චෝදනා කළේය.

විපක්ෂ නායක මෙසේ චෝදනා කර සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ පිළිකා රෝගීන් වසරකට තිස් දාහක් පමණ බිහි වෙනවා. ඒ අයට විකිරණ ප්‍රතිකාර දීම තමයි අඩු වියදම් ක්‍රමය. ලිනියා එක්සලෙටර් උපකරණය තමයි පාවිච්චි කරන්න ඕන. ඒක තමයි නවීනතම උපකරණය. ඒත් ඒ සඳහා අපේ රටේ තවමත් කෝබෝල්ට් උපකරණ පාවිච්චි වෙනවා. නමුත් පිටරට සතුන්ටවත් ඒ උපකරණය පාවිච්චි කරන්නේ නැහැ. ලිනියා එක්සලෙටර් උපකරණය යාපනය, මඩකලපුව, කරාපිටිය, මහනුවර යන රෝහල්වලට දීලා තියෙනවා. බදුල්ල, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර යනාදී අනෙක් රෝහල්වලටත් දෙන්න. ඇයි අපි යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිත කරන්නේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment