ශ්‍රී ලාංකිකයෝ 25ක් මාලදිවයිනෙන් පිටුවහල්

75

නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබේ.

මෙලෙස පිටුවහල් කෙරෙන පිරිස වීසා හා මත්ද්‍රව්‍ය චෝදනා වලට ලක්වූවෝ වෙති. එමෙන්ම බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනකු, නේපාල ජාතිකයන් 8 දෙනෙකුද මේ අන්දමින්ම මාලදිවයිනෙන් පිටුවහල් කෙරෙනු ඇත. ඔවුන් පිටුවහල් කරන දින තවම ප්‍රකාශයට පත්කර නැතැයි එරට රජයේ ප්‍රකාශකයෙකු පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment