ගුරුවරුන් වෙනුවෙන් දෙමාපියන් කළ විරෝධතාව සාර්ථකයි – ස්ටාලින් කියයි

143

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් දිවයින පුරා පාසල්වල දෙමාපියන් ඊයේ (03 දා) සිදුකළ විරෝධතාවය ඉතා සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (03දා)  පැවසීය.

මෙම විරෝධතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් අද (04දා) විශේෂ ප‍්‍රකාශයක් කරන බව ද ස්ටාලින් මහතා කීය.

දෙමාපියන්ගේ විරෝධතාවය කඩාකප්පල් කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන කාන්තා ජාතික පාසලක විශ‍්‍රාම යෑමට නියමිතව සිටින විදුහල්පතිනියකගේ මැදිහත්වීමක් සහ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක්ගේ මැදිහත්වීමක් වාර්තා වූ බවත් ඔහු කීය. කෙසේ නමුත් උතුරු – නැගෙනහිර ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල දෙමාපිය විරෝධතා සාර්ථකව පැවැත්වූ බවට වාර්තා වී තිබූ බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment