පකිස්ථානය ත‍්‍රස්තවාදයට සහාය දක්වන රටක් යැයි ඇමෙරිකාව කියයි

429


පකිස්ථානය ත‍්‍රස්තවාදයට සහාය දක්වන රටක් යැයි ඇමෙරිකාව පවසයි.ටෙක්සාස්හි පදිංචි මලික් ෆයිසාල් අක‍්‍රම් නැමැති පාකිස්තානු ජාතිකයා විසින් ඇමෙරිකාවේ සිරගතකර සිටින පකිස්තාන විද්‍යාඥවරියක් වන අෆියා සිද්දික් නිදහස් කරගැනීම සඳහා ටෙක්සාස්හි පුද්ගලයින් සිව් දෙනකු ප‍්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධියත් සමග ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මෙම ප‍්‍රකාශය සිදු කළේය.මතුවූ සිද්ධිය මැඩ පැවැත්වීම සඳහා අක‍්‍රම් ව ඉකුත් ඉරිදා වෙඩි තබා මරාදමනු ලැබීය.සිද්දික්ව අත්අඩංගුවට ගනු ලැබූවේ 2008 වසරේදී ඇෆ්ගනිස්තානයේ ගාසින් ප‍්‍රදේශයේදීය.ඇයට එල්ලවූ චෝදනා වූයේ ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් කිරීමය.පකිස්තානයේ ජාතියේ දියණිය ලෙස නම් කරමින් පැවැති මහ මැතිවරණයේදී අගමැති ඉම්රාන් ඛාන් විසින් ඇය නිදහස් කර ගැනීමට කටයුතු කරන බවට සිය මැතිවරණ ප‍්‍රචාරක රැලි වලදී ප‍්‍රකාශ කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment