රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට මගේ නම යෝජනා කිරීම ගැන සතුටුයි – සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා

170

ප්‍රථම වතාවට මේ රජය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකම දී ඇති බවත් ඒ සඳහා තමාව යෝජනා කර ඇති බවත් සමගි  ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

එය අනුමත වී ඇතිබවද ඒ ගැන තමා සතුටුවන බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේය.

ඒ අනුව කතානායකවරයා මගින් අදාල වැඩපිළෙවෙල මුදල් කාරක සභාව හරහා ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන කණ්ඩායම් සමඟ අවශ්‍ය සාකච්ඡා ඉදිරියට අරගෙන යන්න පුළුවන්. කවුරුහරි හිතනවනම් මේ රට ගොඩ ගැනීමේ ව්‍යාපාරය කරන්න ඇමතිවරයෙක් විය යුතුමයි කියන එක මම බලාපොරොත්තු වෙනවා ඔප්පු කරල පෙන්නන්න එහෙම විය යුතු නැහැ කියලා. ඇත්ත වශයෙන්ම සද්භාවයෙන් මේක කරන්න ඕන නම් කිරිමට හැකියාව තියෙනවා කියන එකත් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිස්සුන්ට ඔප්පු කරන්න හැබැයි දේශපාලන යථාර්ථය තේරුම් ගත්තොත් අපි හිර වෙලා ඉන්න තැන කාටත් පේනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ සැබෑ ජනමතය නෙමෙයි ඒක අපි කවුරුත් දන්නවා ජනමතය නියෝජනය වෙන අලුත් පාර්ලිමේන්තුවක් එන්න ඕන එය 2023 මාර්තු මාසෙන් පස්සේ කරන්න පුළුවන්.

විපක්ෂ නායක කාර්යාලය ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වමින් ජන බලවේගයේ භාණ්ඩාගාරික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කීවේය. රජයට මේ ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් විපක්ෂයේ අප ඉදිරිපත් කළ බවද හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment