ජනාධිපති සමාව ලැබීමේ ලේඛනවලට රන්ජන් අත්සන් තබයි

181

රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමට අවශ්‍ය ලිපි ලේඛනවලට රාමනායක මහතා විසින් සිය අත්සන් යොදා ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරයා වන රොමේෂ් විදානපතිරණ මහතා විසින් එම ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා අධිකරණයට කනගාටුව ප්‍රකාශ කරමින් ලබාදුන් ලිපි ලේඛන භාරදීමෙන් පසු ඒ මහතාට කඩිනමින් නිදහස ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment