තිරිඟු – ඉරිඟු ගේන්න මාස 6ට ඩොලර් මිලියන 188ක්

88

තිරිඟු සහ ඉරිඟු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස හයේ දී ඩොලර් මිලියන 188ක මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී තිරිඟු හා ඉරිඟු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 136.3ක මුදලක් වැය කර තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස හය සඳහා ඉකුත් වර්ෂයේ මෙම කාල සීමාවට සාපේක්ෂව තිරිඟු හා ඉරිඟු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 51.7ක මුදලක් වැඩිපුර වැය වී ඇත.

මෙම වර්ෂයේ ජුනි මාසයේදී පමණක් තිරිඟු හා ඉරිඟු ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 41.1කි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment