විශාල විනාශයක් කිරීමට ගිය වාහන බෝම්බයක් ඊශ්‍රායල පොලිසිය නිෂ්ක්‍රීය කරයි

232

විශාල පිරිසක් මරණයට පත් කරමින් මහත් වූ විනාශයක් සිදු කළ හැකිවූ වාහනයක සවි කර තිබූ විශාල බෝම්බයක් අක්‍රිය කිරීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කළ බව ඊශ්‍රායල පොලිසිය ඊයේ (09දා) නිවේදනය කර ඇත.

 අදාළ බෝම්බය සවි කර තිබූ ස්ථානය පිළිබඳව විස්තරයක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැතත් එය පාතාල ලෝකයේ මැර කල්ලියක් විසින් තවත් මැර කල්ලියක් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයේ විශාලතම වරාය පිහිටි අශ්ඩොඩ් නගරයේ සවි කර තිබූ බව පමණක් සඳහන් කර තිබේ. මෙම බෝම්බය ඊශ්‍රායල පාතාල ලෝකයේ මැරකල්ලි නායකයකු වන ශලොම් ඩෝම්රානිගේ සහයකයෙකුගේ වාහනයක සවි කර තිබූ බව එරට ‘වෙල්ලා’ ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ. යම් හෙයකින් අදාළ බෝම්බය පුපුරා ගියේ නම් විශාල පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වීමට ඉඩ තිබූ බව පොලිසියේ මතය වී තිබේ. ඊශ්‍රායලයේ පාතාල ලෝක මැර කල්ලි අතර සටන් වැඩි වශයෙන් පවතිනුයේ දකුණු දිග මුහුදු තීරයට අයත් නගරවලය.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment