දෙමලියේ වගා ඉඩමක් වටා කපා තිබූ විශාල අගලකට වැටුණු අලියාට බරපතළ තුවාල

58

අනවසර කාණුවට වැටී වන සතුන් රැසක් මියගිහින්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩාඔය දෙමලිය ප්‍රදේශයේ වගා ඉඩමක් වටා කපා තිබූ අලි කාණුවකට ඇද වැටීමෙන් වනඅලියෙකු බරපතළ තුවාල ලබා තිබේ.

එම කාණුවට ඇද වැටුණු අලියා එය තුළ සිරවී ඇති අතර එහිදී අලියාගේ පාද සහ ශරීරයට බරපතළ හානි සිදු වී ඇත. එම වනඅලියා දින ගණනක් එම කාණුව තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන අතර වනජීවි නිලධාරීන් අලියාට ප්‍රතිකාර කිරීම් සිදු කරමින් සිටී. නමුත් වනඅලියාගේ ජීවිතය බේරාගැනීමට හැකි තත්ත්වයක නොමැති බව වනජීවි නිලධාරීන් සඳහන් කරන අතර මෙම අවාසනාවන්ත අනතුරට ලක් වූ අලියා වයස අවුරුදු විස්සක පමණ හොඳින් වැඩුණු වනඅලියෙකු බව වනජීවි නිලධාරීන් පැවසීය. අක්කර ගණනක ඉඩමකට වනඅලි පැමිණීම නතර කිරීම වෙනුවෙන් අනවසරයෙන් මෙම කාණුව කපා ඇති අතර මෙම කාණුවට ඇද වැටි මුවන්, ගෝනුන්, ඉබ්බන්, හාවන් වැනි සතුන් රැසක්ම මේ වනවිට මියගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසයි. මෙවැනි අනවසර කාණු කැපීම නතර කොට වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම බලධාරීන් සතු වගකීමකි.

තණමල්විල – සඳුන් පුෂ්පකුමාර, මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment