මන්ත්‍රීකම නැති වුණා කියලා මම මැරෙන්නේ නැහැ දිගටම ජනතාවට සේවය කරනවා -අලි සබ්රි රහීම් කියයි

107

තමාගේ පාර්ලිමේන්තු අසුන කවර හේතුවක් මත හෝ ඉවත් කළා කියා මා මැරෙන්නේ නැහැ යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ‘දිවයින’ට කියා සිටියේය.

ඩුබායි සිට මෙරටට නීති විරෝධී ලෙස රත්තරන් බිස්කට් සහ ජංගම දුරකථන ගෙන ඒමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත රේගුව විසින් භාරදෙනු ලැබීය.

මෙම වාර්තාව අනුව පක්‍ෂ නායකයන් අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් කළ යුතුද නැද්ද පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹිය යුතුව තිබුණි. තමාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම ලේසි පහසු කාර්යයක් නොවන බවද යම්කිසි නීතියක් තිබෙන බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර නැති කළහොත් තමා මියයන්නේ නැති බවද මහජනතාවට සිදුකරන සේවය නොඅඩුව සිදුකරන බවද අලි සබ්රි රහීම් මහතා පැවසීය. සතියකට වතාවක් තමා ඩුබායි යන බවද එහි තිබෙන තම ආයතනයේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට මෙසේ යන බවද ඔහු කීවේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment