ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි හොකී 60 වැනි තරගාවලිය හෙට සිට

52

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි හොකී තරගාවලියේ 60 වැනි අදියර හෙට (25 වැනිදා ) පෙරවරු 08.00 ට නාරාහේන්පිට ‘ශාලිකා’ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. දින 04 ක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ නිමාව ඉරිදා (28) සවස සිදු කෙරේ.

මෙම තරගාවලියට සමගාමීව ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා කාන්තා තරගාවලියේ 30 වැන්න ද ක්‍රියාත්මක කෙරේ.

“ඒ.ඒ.වේරසිංහ අභියෝග කුසලාන” ප්‍රදානය කිරීම උදෙසා වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් සංඛ්‍යාව 15 කි.

මූලික වටයේ දී ‘ඒ’ කාණ්ඩය යටතේ ආරක්ෂක සේවා සංගමය, ශ්‍රී ලංකා පාසල් සංගමය, ගම්පහ සංගමය ද සහ මහනුවර සංගමය ‘බී’ කාණ්ඩය යටතේ වෙළෙඳ සේවා සංගමය, ඌව සංගමය සහ මාතර සංගමය ද ‘සී’ කාණ්ඩය යටතේ රාජ්‍ය සේවා සංගමය, මාතලේ සංගමය, ඒකාබද්ධ විශ්වවිද්‍යාලයීය සංගමය සහ ජනසතු සේවා සංගමය ද ‘ඩී’ කාණ්ඩය යටතේ කොළඹ සංගමය, කළුතර සංගමය, වෙන්නප්පුව සංගමය සහ ගාල්ල සංගමය ලීග් ක්‍රමයට තරග වදිති.

කණ්ඩායම් 06 ක් අතරේ ජ්‍යෙෂ්ඨ ශූරතා කාන්තා තරග මාලාව පැවැත්වේ. ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මූලික වටයේ දී ‘ඒ’ කොටසට යටතේ ආරක්ෂක සේවා සංගමය, මහනුවර සංගමය සහ ඒකාබද්ධ විශ්වවිද්‍යාලයීය සංගමය තරග වදින අතර ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, වෙන්නප්පුව හොකී සංගමය සහ කොළඹ හොකී සංගමය තරග බිමට එක් වෙති.

ආසන්නම පිරිමි ශූරතාව සහ ආසන්නම කාන්තා ශූරතාව දිනා ගනිමින් ඉදිරියෙන් පසු වන්නට ආරක්ෂක සේවා හොකී සංගමයට හැකියාව ලැබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment