දුම්වැටි අලෙවිය 18.6%කින් ඉහළට

979

දුම්වැටි අලෙවිය ඉකුත් වර්ෂයේ දී (2022) දුම්වැටි මිලියන 2,828.7ක් දක්වා සියයට 18.6කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

2021 වර්ෂයේ දී දුම්වැටි මිලියන 2,384.1ක් අලෙවි වූ අතර එයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී දුම්වැටි අලෙවිය සියයට 18.6කින් වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම හේතුවෙන් 2021 වර්ෂයේ දී දුම්වැටි මගින් ලද ආදායම වූ රුපියල් බිලියන 88.5ට සාපේක්ෂ්ව 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 104.1 දක්වා සියයට 17.6කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment