ඇමැතිගේ ප්‍රකාශයෙන් පසු තෙල් ඇණවුම් අඩාල වෙලා

287

අප්‍රේල් මුල් සතියේදී ජනතාවට දැනෙන ගණනකින් ඉන්ධන මිල පහළ දමන බවට ඇමැති කංචන විජේසේකර කළ ප්‍රකාශයක් නිසා ප්‍රමාණවත් තෙල් ඇණවුම් නොකිරීම බොහෝ ප්‍රදේශවල තෙල් බෙදාහැරීම අඩාල වී තිබෙන බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන ලීටරයක මිල රුපියල් සියයකින් පමණ පහළ ගියහොත් ලීටර්, 6,600 ක පෙට්‍රල් බවුසරයකින් ඉන්ධන හල් හිමියකුට රුපියල් හයලක්ෂ හැටදහසක පාඩුවක් සිදුවන බව ද එම සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

මේනිසා බොහෝ ඉන්ධන හල් හිමියන් තෙල් ඇණවුම් කිරීමේදී භාගයකට භාගයකින් එම ඇණවුම් අඩුකර තිබෙන බව තෙල් සංස්ථා අලෙවි කාර්යාංශයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් ද සඳහන් කළේය.

ඉන්ධන මිල පහළ දමන හෝ ඉහළ දමන බව කලින් ප්‍රකාශ නොකළ යුතු බවත් මීට පෙර ඉන්ධන මිල ගණන් බොහෝ විට වෙනස් කළේ මධ්‍යම රාත්‍රි 12.00 සිට බවත් එම නිලධාරියා කීය. නමුත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අප්‍රේල් මුල් සතියේදී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් දෙන බවට කළ ප්‍රකාශය නිසා ඉදිරි දිනවලත් තෙල් බෙදාහැරීම් අඩාලවනු ඇතැයිද හෙතෙම පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment