නීති විභාගය ඉංග්‍රීසියෙන් පැවැත්වීම ස්වභාෂා අයිතිය උල්ලංඝනය කිරීමක්!

194

අස්ගිරි මහා නාහිමියන්ට ලිපියක්

වසර 11 ක් වන පාසල් කාලයේදී ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් රජයට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොතිබියදී එක්වරම නීති විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට තීරණය වීම නිසා අනාගතයේ ග්‍රාමීය සිංහල බෞද්ධ දරුවන්ට නීතිඥවරයකු වීම සිහිනයක් වී ඇතැයි සඳහන් කරමින් ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද්‍යාර්ථීන්ගේ එකමුතුව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤා‍ණරතන මහා නාහිමියන් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට ගත් තීරණය මගින් මෙරට ජනතාවගේ ස්වභාෂා අයිතිය උල්ලංඝනය වන බවද එම එකමුතුව උන්වහන්සේට යැව් ලිපියේ සඳහන් වේ.

උසස් පෙළ විභාගයෙන් පසුව සරසවි ප්‍රවේශය හරහා හෝ නීති විද්‍යාල ප්‍රවේශය ඔස්සේ නීතිඥවරයකු ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් බවත්, මේ වනවිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගවලට ස්ව භාෂාවෙන් මුහුණදීමට තිබූ අවස්ථාව අහිමි කරමින් තිබෙන බවත් එම එකමුතුව මහා නායක හිමිපාණන්ට ලිපියක් මගින් දැනුම් දී ඇත.

මේ ගැන අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ක්‍දාණරතන මහා නාහිමිපානෝ මේ ගැටලුව සංඝ සභාවට යොමු කරන බවත් එහිදී ගන්නා තීරණය ගැන ජනාධිපති හා විෂයභාර ඇමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් පැවසූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment