පොලිසියට වැටුණු කෝටි 21ක ‘තොප්පිය’

4078

ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිලධාරින් සදහා හිස්වැසුම් 75000ක් මිලදි ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී වූ අවිධිමත්භාවයක් හේතුවෙන් අදාල සැපයුම්කරුට මෙම වර්ෂයේ (2023) ජනවාරිමස 25 වැනිදින වනවිට රුපියල් විසිඑක්කෝටි,අනුතුන් ලක්ෂ,පනස්හත්දහස්,හත්සියපහළොවක (219,357,715) මුදලක් ගෙවිමට සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිලධාරින් සදහා හිස්වැසුම් 75000ක් රුපියල් නමකෝටි,තිස්හතරලක්ෂ,පනස්පන්දහස්, එකසියදහනමයකට (93,455,119) මිලදි ගැනිම සදහා 2011 වර්ෂයේ දි ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට තිබුණි.ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි සිදුව තිබු අවිධිමත් කරුණු නිසා බේරුම්කරණයේ දි 2017 වර්ෂයේ දි ජනවාරි 21 වැනිදින ලබාදි තින්දුවට අනුව හිස්වැසුම් 75000ක් සදහා වු මුදල සහ ඒ සදහා අනිකුත් ගාස්තු සැපයුම්කරුට ගෙවිම ශ්‍රි ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේපකොට තිබුණි. පොලිසිය විසින් මේ සම්බන්දයෙන් අඛණ්ඩව අධිකරණ ක්‍රියාමාර්ගයක යෙදි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. සැපයුම්කරුගේ ගබඩාගාස්තු, නිතිගාස්තු හා විනිමය අනුපාත වැඩිවිමේ අවාසියද ශ්‍රි ලංකා පොලිසිය විසින් දැරිය යුතු බවට සැපයුම්කරු ඉල්ලා තිබුණි. ඒ අනුව අදාල සැපයුම්කරුට මෙම වර්ෂයේ (2023) ජනවාරිමස 25 වැනිදින වනවිට රුපියල් විසිඑක්කෝටි,අනුතුන් ලක්ෂ,පනස්හත්දහස්,හත්සියපහළොවක (219,357,715) මුදලක් ගෙවිමට සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අවිධිමත්භාවයට හා දිර්ඝ කාලයක් ගතවිමෙන් පසු සමතයකට එකගවිම යන කරුණු සම්බන්දයෙන් වගකිවයුත්තන් හදුනා ගැනිමට කටයුතුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ශ්‍රිලංකා පොලිසියේ 2022 වර්ෂය සදහා වු කාර්යසාධන වාර්තාවේ ඇතුලත් විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment