මහ බැංකුවෙන් ලක්ෂ 50 ක් අතුරුදන්වීම ගැන සීඅයිඩී විමර්ශන

84

මහ බැංකුවේ දැඩි ආරක්ෂක කලාපයේ තිබූ මුදල් සේප්පුවකින් රුපියල් පනස් ලක්ෂයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අනුව ඊට අදාළව රාජකාරි කරන බැංකු නිලධාරීන්ගෙන් යළි ප්‍රශ්න කරන බව රහස් පොලිසිය කියයි. මහ බැංකුවේ විගණන අංශයේ නිලධාරීන් ද මේ පිළිබඳව දැනටමත් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති අතර අතුරුදන් වූ මුදල් පිළිබඳ ස්ථීර තොරතුරක් මෙයින් අනාවරණය විය හැකි බව පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment