ආදරවන්තයින්ගේ මාසයේ එන හැත්තෑවේ ආදර කතාව

135

චිත්‍රපටයක් ඇතුළේ තවත් චිත්‍රපටයක්

පෙම්වතුන්ට ම වෙන්වුණ මාසය තමයි පෙබරවාරි මාසය’ ඉතිං ලොවපුරාම සිටින පෙම්වතුන් පෙම්වතියන් පෙම්වතුන්ගේ දිනය සමරන්නේ නැතිව ඉන්නේ නැහැනේ’ ඉතිං අපි මේ කතාබහ කරන්න හදන්නේ පෙම්වතුන්ගේ මාසයේ හෙලවුඩ් සිනමාවට දිගහැරෙන සුන්දර හැත්තෑව දශකයෙන් තවත් ආදර වෘතාන්තයක් ගැනයි’ ඇත්තට ම ආදරය ගැන කවුද කතා කරන්න අකමැති’ හැබැයි හෙලවුඩ් සිනමාවෙන් කතාබහ කරන්නේ හැත්තෑව දශකයේ ආදර කතාවක් ගැනයි’ එල්’ එෆ්’ ඩී’ සහ ස්කෝප් සිනමා මණ්ඩලයෙන් ලාංකේය ආදරවන්තයින්ට ආදරවන්තයින්ගේ මාසයේ තිළිණ කරන මේ සුන්දර හැත්තෑව දශකයේ කතාව නිර්මාණය වෙන්නේම සීතල කන්ද උඩරට දිවිගෙවන තරුණ විවාහක යුවළක් වටාය’ එළැඹෙන 09 වැනිදා සිට මේ ආදර කතාව රිදී තිරයෙන් ඔයාගේ දෑස්මානයට දිගහැරෙනවා.

කතාව පටන් ගන්නේ 70′ දශකයේ එක් කාලවකවානුවක දී උඩරට කඳුකරයේ තේ වතු ආශ්‍රිත ව්‍යාපාර කටයුතු කරමින් බංගලාවක ජීවිත්වන තරුණ විවාහක යුවළක් වටායි’ ඔවුන් නමින් ක්ලිෆර්ඩ් දුනුවිල සහ ෂෙරින් දුනුවිලයි’ රූමත් ෂෙරින් දුනුවිල වෙත” රෙජිනෝල්ඩ් දුනුසිංහ නම් තවත් ව්‍යාපාරික පුද්ගලයෙකුගේ බැල්ම වැටේ’ ෂෙරින් ඔහුට කිසිදු මනාපයක් නොදක්වයි’ තම උත්සාහය අත් නොහරින දුනුසිංහ” කිලිෆර්ඩ්ව මරා දමා ෂෙරින්ව ලබාගැනීමට දරන උත්සාහයේ දී ෂෙරින් වෙඩි වැදී මිය යන අතර” දුනුසිංහ පලා යයි’ තනිවන ක්ලිෆර්ඩ් විදේශගත වෙයි’ එහිදී තම ආදර කතාව පොතක් ලෙස එළිදක්වන්නට කටයුතු කරන ක්ලිෆර්ඩ් එම කතාව ඔහුගේ මිත්‍ර” චිත්‍රපට අධ්‍යක්‍ෂ මහේන්ද්‍ර වෙත ලබාදෙයි’ එයින් තිර පිටපත සකසන ඔහු” එහි රූපගත කිරීම් ඇරඹීම සඳහා ෂෙරින් සහ ක්ලිෆර්ඩ් ජීවත්වූ බංගලාවට තම කණ්ඩායම සමග පිටත්ව යයි’ ෂෙරීන්ගේ අවතාරය සැරිසරන එම බංගලාවේ දී චිත්‍රපට කණ්ඩායම නොසිතු විරූ සිදුවීම් මාලාවකට මුහුණ දෙයි.

ආදරවන්තයින්ගේ මාසයේ එන හැත්තෑවේ ආදර කතාව

රූපගත කිරීම සිදුවන අතරතුර ක්ලිෆර්ඩ් මෙරටට පැමිණ තම පොත එළිදැක්වීමට කටයුතු කරයි. ක්ලිෆර්ඩ් ගේ පැමිණීම ෂෙරින්ගේ සතුටට හේතු වේ. චිත්‍රපටයේ ෂෙරින්ගේ භූමිකාව රඟන ප්‍රධාන නිළිය හරහා ෂෙරින් ක්ලිෆර්ඩ් වෙත සමීප වෙයි. දැන් ඉතිං ඉස්සරහට මොනවා වෙයිද?. මේ ආදර කතාව දැනගන්න නම් ළඟම තියෙන සිනමාහලකට ගොඩවෙන්නම වෙනවා.

සෑම රූප රාමුවකටම පාහේ ඇසට මෙන්ම මනසට ද වඩාත් ප්‍රිය උපදවනසුලු සොබා අසිරියෙන් අනූන වූ ස්ථානයන් රැසක් මෙම හැත්තෑවේ ආදර කතාව රූ ගන්වන්න තෝරාගෙන තිබීමත් ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත ආකාරයට පසුතලයන් මෙන්ම රංග වස්ත්‍ර හා පසුතල ආදිය නිර්මාණය කර තිබීමත් තවත් සුවිශේෂී කාරණාවකි.

ආදරවන්තයින්ගේ මාසයේ එන හැත්තෑවේ ආදර කතාව

සම්මානනීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු වූ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය “1970 ලව් ස්ටෝරි”ය’ ඔහු මීට ප්‍රථම “ඩාන්සින් ස්ටාර්” සම අධ්‍යක්ෂණය (2019)” “නිකිණි වැස්ස” (2013) සහ “හැපී බර්ත් ඩේ” (2022) යන සිනමා පට ප්‍රේක්ෂකයා වෙත තිළිණ කර ඇති අතර” ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇති “මාරියා” චිත්‍රපටය ද ඔහුගේ නිර්මාණයකි’ සක්කාරං” සපුමල් ආරාමය සහ OK BOSS යන ටෙලි නිර්මාණ ඔහුගේ අධ්‍යක්ෂණයන් වන අතර” රැල්ල වෙරළට ආදරෙයි” සිදාදියේ සමනලියක් සහ හිච්චි ඇතුළු ටෙලි නාට්‍ය රැසක් සඳහා තිර පිටපත් රචනයෙන් දායක වී ඇත.

ආදරවන්තයින්ගේ මාසයේ එන හැත්තෑවේ ආදර කතාව

1970 ලව් ස්ටෝරි ඉදිරිපත් කිරීම ස්ටාර් එන්ටර්ටේන්මන්ස් සහ ඉවෙන්ට් විසිනි. තිර රචනය සහ අධ්‍යක්‍ෂණය අරුණ ජයවර්ධන වන අතර නිෂ්පාදනය ආචාර්ය සමන් එදිරිසිංහ ගෙනි.

ආදරවන්තයින්ගේ මාසයේ එන හැත්තෑවේ ආදර කතාව

හේමාල් රණසිංහ” ගම්‍යා විජේදාස” මහේන්ද්‍ර පෙරේරා” බිමල් ජයකොඩි” අශාන් ඩයස්” සඳනි ප්‍රනාන්දු” සරත් කොතලාවල” සමන් හේමරත්න” ලසන්ත උඩුකුඹුර” අසංග පෙරේරා” නන්දන හෙට්ටිආරච්චි” දයා වයමන්” දිනෙත් ද සිල්වා” ප්‍රාර්ථනා සේරසිංහ” නිශාන්ත ප්‍රියදර්ශන ප්‍රධාන රංගනයන් වෙනුවෙන් ද සුරන් දසනායක” රොෂාන් මැණික්පුර” මෙත්තානන්ද විතානගේ” ප්‍රදීප් චාමින්ද” ඩිලාන් චන්ද්‍රරත්න” නිමාලි හේරත්” සුනෙත් මැල්සිරිපුර” නිශාන්ත සිංහලගේ” අමාලි මධුභාෂිණී” මහේෂ් ලක්ෂාන්” ජනක නිරෝෂන්” නෙත්ලි නවෝද්‍යා” ඉන්දික වීරසිංහ” ඩී’ එච්’ වී’ රොෂාන්” තරිඳු මධුසංඛ” රසිඳු කාවින්දි” සදීප ලක්ෂාන්” දමින්ද මෙන්ඩිස්” නලින් ප්‍රසන්න” අසේල නුවන් කුමාර” ලහේෂිකා විදුෂනී ඩයස්” නෙත්මිණ දෙනුවන්” සුසිරු ධනංජය” ලහිරු දිල්ශාන්” අදීෂ සිල්වා” චාමිකර එරන්ද” කසුන් තිළිණ” දිනිඳු ඒකනායක” සයුරු දර්ශන” ලාලක රුමේෂ්” කසුන් ෆොන්සේකා” තක්ෂිලා සෙව්වන්දි” නිසංසලා කුමාරි” ගයාන් එරංග” සුනිල් ජයලත්” නිමල් රෝහිත පෙරේරා” සුනේත්‍රා අබේකෝන්” ඉන්ද්‍රානි ධර්මදාස” ශර්මිලා කස්තුරිආරච්චි” චමෝද් ප්‍රසන්න” ගයාන් සම්පත් කුමාර” ප්‍රයන්කා ප්‍රියදර්ශනී” අනුෂ්කි කෞෂල්‍යා” ජයනි විමර්ශා” ලලිතා රංජනී” නයනා හේමන්ති” කුමාර සේනාරත්න” ශ්‍රියාලතා හේවගේ” ප්‍රියන්ත ගමගේ” දේවිකා නිල්මිණි” ජේ’ ඩී’ වසන්ත” මුදිත සුරේෂ් ජයකොඩි” ජූඩ් දීපාල් අතිරේක රංගනයෙන් 1970 ලව් ස්ටෝරි ආදර කතාව වර්ණවත් වේ.

ආදරවන්තයින්ගේ මාසයේ එන හැත්තෑවේ ආදර කතාව

හැත්තෑව දශකයේ ආදර කතාව සූර්යා දයාරුවන්ගේ තෙමෙන කහවනු මහ වරුසාවේ ගීතයෙන් ද සමිතා මුදුන්කොටුව” ඉන්දික රුවන් ගායනා කරන (රූනි) හීසර විඳින්න ගීතයෙන් ද සඳ පායන්න සුරේන්ද්‍ර පෙරේරාගේ හඬින් ද තවත් ආලෝකවත් වේ’ මහේන්ද්‍ර අධ්‍යක්ෂණය කරන හැත්තෑවේ ආදර කතාව ගැන මේ දිනවල හැමෝම කතාබහ වෙනවා’ ඉතිං එළැඹෙන 09 වැනිදා ඒ ආදර කතාවට මොකද වෙන්නේ කියලා හරියට ම දැනගන්න පුළුවන් වෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment