ගොඩකවෙල ළමා නිවාසයෙන් පැනගිය දැරියන් තිදෙනා ගැන තාමත් තොරතුරක් නෑ

143

ඉකුත් සති අන්තයේ ගොඩකවෙල ළමා නිවාසයෙන් පලාගිය දැරියන් තිදෙනා පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැතැයි ගොඩකවෙල පොලිසිය කියයි.

අවුරුදු 15-16 වයසේ පසුවෙන මෙම දැරියන් තිදෙනාගෙන් එක් අයකු රඹුක්කන පිහිටි සිය නිවසට ගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇතත් එම නිවසටද ඇය පැමිණ නැතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම දැරියන් තිදෙනා ආගිය තැන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් විමර්ශනයක් සිදුකරගෙන යන අතර දැරියන් තිදෙනා මෙම ළමා නිවාසයෙන් පැනයද්දී ඔවුන් සතුව කිසියම් මුදලක් තිබී ඇත්දැයි සොයා විමර්ශනයක් පවත්වන බව පොලිසිය කියයි.

මෙම දැරියන් තිදෙනා පිළිබඳව තොරතුරක් දන්නවානම් ළඟම පොලිසිය දැනුම් දෙන ලෙසද ගොඩකවෙල පොලිසිය ඉල්ලයි.

මෙම දැරියෝ පැල්මඩුල්ල, පනාමුර සහ රඹුක්න ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment