පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 5ක තහනම ඉවතට

173

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන 11 න් 05 ක තහනම ඉවත් කර ඇත.

මේ අනුව ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත්, ලංකා තවුහිද් ජමාත්, එක්සත් තවුහිද් ජමාත් යන ඉස්ලාමීය සංවිධාන පහේ තහනම දැඩි කොන්දේසි මත ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් තවාකාලිකව ඉවත්කර ඇතැයි පැවසේ.

මෙය තාවකාලික ඉවත් කිරීමක් වන අතර තවදුරටත් මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානයෙන් සිටින බව ද වාර්තා වේ.

පනවා ඇති කොන්දේසි උල්ලංඝනය කළහොත් ඕනෑම අවස්ථාවකදී මෙම සංවිධාන යළි තහනම් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කටයුතු කරන බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment